පුවත්

14 හැවිරිදි දරුවකුගෙන් 9 හැවිරිදි දරුවකුට හය හත් පොළකට පිහිපහර

Published

on

දාහතර හැවිරිදි දරුවෙකු සිදුකළ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් පිහි ඇනුම සිදු කළ බව පැවසෙන පසු 14 හැවිරිදි දරුවා ද වස පානය කිරීම හේතුවෙන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධිය ඊයේ (05) සවස හම්බන්තොට අගුණකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේ නිවසකදී සිදුවී තිබුණි.

09 හැවිරිදි දරුවාගේ නිවසේදී නිවැසියන් කිසිවෙක් නොමැති අවස්ථාවකදී මෙම පිහි ඇනුම සිදුකර ඇත.

එම දරුවන් අසල්වැසි නිවෙස් දෙකක මිතුරන් වන අතර 09 හැවිරිදි දරුවාගේ ශරීරයේ ස්ථාන 6කට හෝ 7කට පිහි ඇනුම් සිදුකර ඇති බව පැවසේ.

පිහි ඇනුම සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති 14 හැවිරිදි දරුවා දරුණු ලෙස වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහිවූ දරුවෙකු බවත් වාර්තා වෙයි.

09 හැවිරිදි දරුවාගේ නිවසේ සිදුවූ මුදල් සොරකමක් සම්බන්ධයෙන් 14 හැවිරිදි දරුවාට අවවාද කිරීමේ සිද්ධියකින් පසු මෙම සිදුවීම ඇතිවී තිබෙන බවද තවදුරටත් වාර්තා විය.

Trending

Exit mobile version