පුවත්

15දා සමෘද්ධි බැංකු වැසෙයි?

Published

on

සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්ෂ 805ක් වැයකර දිවයින පුරා සමෘද්ධි බැංකු 1074ක අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසයි.

දැඩි ආර්ථික අපහසුතාවලට ජනතාව මුහුණදී සිටින අවස්ථාවක මෙලෙස අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ඔවුන් පෙන්වා දෙයි.

තවද, වසර 28 ආසන්න කාලයක සිට සේවය කරන සියළු ක්ෂේත්‍රයන් හි සේවකයින් හට උසස් වීමක සිට ලබා දියයුතු සේවක අයිතිවාසිකම් ආණ්ඩුව ලබා නොදී මගහරිමින් සිටින බවද ඔවුන් චෝදනා කරයි.

ඉහත කරුණු පදනම්ව ආණ්ඩුවට බලකරමින් මෙම ප්‍රශ්ණ විසඳා ගැනීම සඳහා අප්‍රේල් 15 දින සමෘද්ධි බැංකු වසා දමා නැකතට ගණුදෙනු කිරීමෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව එහි ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.

Trending

Exit mobile version