පුවත්

2024 එයාර් ෂෝ චයිනා ඇර‍ඹේ

Published

on

2024 එයාර් ෂෝ චයිනා හෙවත් 15වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය අද (නොවැම්බර් 12) දකුණු චීනයේ ග්වංඩොං පළාතේ ජූහායි නගරයේදී ආරම්භ විය.

රටවල් හා කලාප 47ක සමාගම් 1,022ක් එක්ව සිටින මෙවර ප්‍රදර්ශනයේදී, නවීන තාක්ෂණික නිෂ්පාදන රැසක් මහජනයා හමුවේ එළිදැක්වීමට නියමිතය.

නොවැම්බර් 17 වැනිදා දක්වා පැවත්වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනකම හමුදා ජෙට් යානා ඇතුළු ගුවන් කරණම් කණ්ඩායම් විසින් සංදර්ශනද පැවැත්වීමට නියමිතය.

මේ අතර, චීනයේ චංග හය චන්ද්‍ර ගවේෂණ යානය මගින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල හා එම යානයේ “ආපසු පැමිණීමේ කැප්සියුලය” ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

Trending

Exit mobile version