Connect with us

පුවත්

15 වැනිදා රාජගිරියේ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම

Published

on

2024 ජනාධිපතිවරණය නාමයෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කරනු ලබන එළඹෙන අගෝස්තු 15වැනිදා උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හංදියේ සිට වැලිකඩ දක්වා (කොළඹින් පිටිවීම) කොටස වසා තැබේ.

එම නිසා, 

  • පොල්දුව දෙස සිට සහ නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියළුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හංදියට පැමිණ එතැන් සිට ආයුර්වේද හංදිය දක්වා ගමන් කර සාමාන්‍ය පරිදි කොළඹට ඇතුළු විය හැකි බවත්, වැලිකඩ හංදියත් ආයුර්වේද හංදියත් අතර කොළඹට ඇතුළු වන පැත්තේ ඇති සියළුම අතුරු මාර්ගවලින් ශ්‍රී ජයර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියළුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හංදිය දෙසට ගමන් කල යුතු බවත් සඳහන්ය.
  • වැලිකඩ හංදියේ සිට ආයුර්වේද හංදිය දක්වා (කොළඹට ඇතුළු වන පැත්ත) පරණ පාර කොටස වසා තැබේ.
  • ඒ හේතුවෙන් බොරැල්ල කොටා පාරෙන් සහ කාසල් වීදියෙන් කොළඹින් පිටවන වාහන ආයුර්වේද හංදියට පැමිණ ආයුර්වේද හංදියෙන් පාරණ පාර ඔස්සේ වැලිකඩ හංදිය දක්වා ගමන් කිරීමේ හැකියාව ඇත.
  • එමෙන්ම අතුරු මාර්ග වලින් පරණ පාරට ඇතුළු වන සියළු වාහනවලට වමට හරවා වැලිකඩ හංදිය දෙසට ගමන් කළ හැකි බව දැක්වේ.
  • තලවතුගොඩ හංදියේ සිට කොළඹ දෙසට ගමන් කරන සියළුම වාහන තලවතුගොඩ හංදිය,කිඹුලාවල හංදිය ඔස්සේ පිටකොට්ටේ හංදියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කල යුතු බව සඳහන්ය.
  • ඔබේසේකරපුර මාර්ගයෙන් පාරණ පාරට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හංදියට ගමන් කල යුතු අතර පොල්දුව හංදියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල දෙස සිට පොල්දූව හංදිය දක්වා කන්ටේනර් රථ ගල්, වැලි පටවන ලද ටිපර් රථවලට ඇතුල්වීම සීමා කරනු ලැබේ.

පහත සදහන් මාර්ග වල බස් රථ පහත පරිදි ගමනාන්තය දක්වා ගමන් කල යුතු බවයි එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, 

  • 176 මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හංදියට පැමිණ ශ්‍රි ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හංදියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කල යුතුය.
  • මාර්ග අංක 170, 171, 175, 177, 190 යන මාර්ග වල බස් රථ වැලිකඩ හංදියට පැමිණ ශ්‍රි ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හංදිය වෙත පැමිණ ගමනාන්තය දක්වා ගමන් කල යුතු බව සඳහන්ය.

තවද, ජනාධිපති අපේක්ෂකයින් සමඟ පැමිණෙන පාක්ෂිකයින්ගේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් හා පාක්ෂිකයින් ස්ථාන ගත වීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එදිනට එම ප්‍රදේශයට රාජකාරී හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

මෙම කාලය තුළ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත කලාපයට විශේෂිත ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් එම ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසරලත් පුද්ගලයින්ට සහ අවසරලත් වාහනවලට පමණය.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved