පුවත්

16 හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයකට ලක්වෙලා!

Published

on

හංවැල්ල , ඇඹුල්ගම ප්‍රදේශයේ දී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, තරුණයින් 5 දෙනෙකු මෙම අපරාධය හා සම්බන්ධවී ඇති බවට අනාවරණය වී ඇති බවයි. 

අදාල සිසුවිය ඊයේ සිය පෙම්වතා හමුවීමට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබුණි. 

ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ, යතුරුපැදිවලින් පැමිණි 05 දෙනෙකු බලහත්කාරයෙන් තමන්ව ආදාහනාගාරයකට රැගෙන ගොස් සමුහ වශයෙන් දුෂණය කළ බවයි. 

කොස්ගම ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් මෙම සිදුවීමට මුහුණ පා තිබේ. 

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version