Connect with us

පුවත්

ජූලි සිට බස් ගාස්තු 2.5%කින් අඩුකරන්න NTC අනුමැතිය (Update)

Published

on

සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01දා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර, ඒ අනුව මෙවර ජුලි මස 01 වනදා සිට මෙම සංශෝධනය ක්‍රියාත්මක වනු  ඇත.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණු අතර, 2%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට ප්‍රවාහන බලධාරීන් සිදු කර ඇති යෝජනාවට බස් සංගම් නියෝජිතයන් සිය අප්‍රසාදය පළ කර තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 25 ප.ව.4:43)

2% බස් ගාස්තු අඩුවට බස් සංගම් වලින් විරෝධය

බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇත.

ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය.

කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන් ය.

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇත.

පුවත්

ඔරුගොඩවත්තේ මාරක අනතුරක්

Published

on

By

අද (26) අලුයම 2.30ට පමණ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළී අනතුරක් සිදුව තිබේ.

ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසලදී අවිස්සාවේල්ල දෙසින් පැමින ඉඟුරුකඩේ දෙසට හැරවූ ප්‍රයිම් මුවර් රථයක් බහාලුමත් සමග පෙරලීයෑමෙන් මෙම  අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කර ඇත.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved