Connect with us

පුවත්

මෙරටින් නව මදුරු විශේෂ 2ක් හඳුනා ගනියි

Published

on

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මෙරටින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙන බවත්, එම මදුරු විශේෂ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් දැනට වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව 2018 වසරේදී ද ඇනෝෆිලස් ස්ටොපන්සි නමැති මදුරු වාහකයා මන්නාරම ප්‍රදේශයෙන් සොයාගත් බවත්, මෙම මදුරු විශේෂය ඉන්දියාවේදී මැලේරියා වාහකයෙකු ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා සඳහන් කළේය.

මෙම පර්යේෂණ කණ්ඩායම් විසින් තවත් මදුරු විශේෂ 04ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සඳහා අදාළ නියැදි කොරියාවට යවා තිබෙන බවත්, අදාළ පරීක්ෂණ ප්‍රතිඑල මෙතෙක් ලැබී නොමැති බවත් ඔහු පවසා සිටියේය.

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී සොයාගත් Culex (lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නමැති විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබෙන බවත්, මෙම මදුරු විශේෂය රෝග වාහකයෙකුද නැද්ද යන වග තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත් මෙම වාහකයා ලෝකය තුළරෝග වාහකයෙකු වශයෙන් වාර්තා වී නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව සොයාගත් culex ගණයට අයත් cx.sp near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නමැති මදුරු විශේෂයඉන්දියාව තුළ මොළේ මැලේරියාව රෝගය බෝ කරන Culexinfula යන මදුරුවිශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන බවත්, ශ්‍රී ලංකාව තුළ වාහකයෙකුද නැත්ද යන වග තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත් ඔහු වාහකයෙකු වීමේ වැඩිසම්භාවිතාවක් පවතින බවත්හෙතෙම පවසා සිටියේය.

මෑත කාලය තුළ සිදු වූ මෙම නව සොයාගැනීම් සමග කීට විද්‍යා ක්ෂේත්‍රය තුළ සේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද වෙනස්කම් ඇතිවිය හැකි බවද දිසානායක දිසානායක මහතා සඳහන් කළේය.

(අද)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved