ඉකුත් වසරේදී (2022) දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2.6 ක් වූවත්, අතිකාල දීමනා සහ වැටුප් සඳහා රුපියල් බිලියන 7.7 ක් වැයවී ඇතැයිද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ප්‍රවාහන,මහාමාර්ග,ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේබව කීවේය.
දෙපාර්තමේන්තුව 2014 වසරේදී රුපියල් බිලියන 47 ක අලාභයක් ලබා ඇතැයිද, විවිධ පැලැස්තර යොදා එම අලාභය 2021 වසරේදී රුපියල් බිලියන 37 ක් දක්වාද, ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන 32 ක් දක්වාද අඩුකර ගැනීමට හැකිවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් නොකළහොත් එය විකිණීමට සිදුවනු ඇතැයිද ඇමැතිවරයා කීය.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අක්කර 14,000 ක ඉඩම් ප්‍රමාණයක් තිබෙන බවත්, එම ඉඩම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය.