Connect with us

පුවත්

2022 මරණ ගොඩ 2010 ත් පන්නයි

Published

on

2010 වසරින් පසු වැඩිම මරණ ප්‍රමාණයක් ඉකුත් 2022 වසරේදී වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනම් 2010 වසරේදී මරණ 130,337ක් වාර්තා වී ඇති අතර ඊට සාපේක්ෂව 2022 වසරේදී එම මරණ ප්‍රමාණය 179,792කින් ඉහළ ගොස් ඇත. 

2010 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය තුළදී වාර්තා වූ මරණ සංඛ්‍යාත්මක වශයෙන් මෙසේය.

2010 -130,337

2011 -123,183

2012 -122,741

2013 -127,185

2014 -128,185

2015 -132,011

2016 -130,912

2017 -139,822

2018 -139,498

2019 -146,053

2020 -132,431

2021 -163,936

2022 – 179,792

පුවත්

අද ආරම්භ වෙන තැපැල් ඡන්දය

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වේ.

අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී ඒ සඳහා අවස්ථාව පවතී.

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන්  විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා තිබේ.

ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද , ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

Published

on

By

සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.

මේ වන විටත් අධික ජනතාවක් එක් රැස්වී සිටිනන නිසා අද සහ හෙට දිනයන්හි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටි.

එම හේතුව පදනම් කරගෙන ශ්‍රී ලංකා පොලිසිය මෙම තීරණය ගෙන ඇත.

Continue Reading

පුවත්

අනවශ්‍ය වෙලාවක හෙල්මට් දාගෙන සිටින පිරිස් ගැන පොලිසියේ වැඩි අවධානයක්

Published

on

By

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව දැනුම් දී තිබේ.

පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරික්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුයේ යතුරුපැදියක ගමන් කරන අවස්ථාවන්හිදී වන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් වේ.

එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved