පුවත්

මහේල දඹුලුත් ගිහින් තලගොයිත් අල්ලයි!

Published

on

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල සමග එහි විශේෂඥ පුහුණුකරු ලෙස ගොස් සිටින මහේල ජයවර්ධන එහිදී තම ව්‍යාපාරික කටයුත්තක් ද ඊයේ (14) ආරම්භ කළේය.

ඒ ඔහු හා කුමාර් සංගක්කාර එක්ව පවත්වාගෙන යන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් ( Ministry of Crab ) නම් අවන්හල් ජාලයේ ඕස්ට්‍රේලියානු ශාඛාවක් මෙල්බර්න් නුවරදී විවෘත කරමිණි.

මීට පෙර ඉන්දියාවේදීද එහි ශාඛාවක් පිහිටවනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග කණ්ඩායම් නිලධාරියකු ලෙස එහි ගිය මහේල ඒ අතර තුර තම ව්‍යාපාරික කටයුතු වලද නිරත වීම විශේෂ සිද්ධියකි.

T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරගය නැමීබියාව සමග මෙල්බර්න් ජීලෝන්ග් පිටියේදී පැවැත්වේ.

Trending

Exit mobile version