පුවත්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නව කාලසටහන 20 දා සිට

Published

on

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවනය කරන කාලසටහන ඔක්තෝබර් 20දා සිට වෙනස් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සියලුම දුම්රියන් කලින් ධාවනය කරන වේලාවට වඩා විනාඩි 10-20ත් අතර කාලයක් කලින් ධාවනය කෙරෙනු ඇත.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරී – ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පවසා ඇත්තේ ඉදිරියේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සවස් කාලයේ දුම්රිය කාලසටහනද සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

නව කාලසටහන පහත දැක්වේ.

Trending

Exit mobile version