පුවත්

බඹර ප්‍රහාරයෙන් දරුවන් 42ක් රෝහලේ

Published

on

වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ දරුවන් 42 දෙනෙකුට අද (17) උදැසන බඹරු ප්‍රහාරයක් එල්ල වීමෙන් රෝහල්ගත කර තිබේ.

පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය සිදුවූ බව එම දරුවන්ගේ දෙමාපියන් පවසයි.

මෙම දරුවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර, ඇතැමුන් තරමක් බරපතළ තත්ත්වයේ සිටින බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Trending

Exit mobile version