පුවත්

අන්තරේ පා ගමන අරඹෙයි : කොළඹ – නුවර මාර්ගය වැසෙයි

Published

on

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වන විට කොළඹ නුවර මාර්ගය දළුගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබේ.

පා ගමනට එක් වූ විශ්වවිද්‍යාල සිසුන් මාර්ගය හරස් කිරීම හේතුවෙන් එක් පැත්තකින් අවහිරවී ඇති අතර, පා ගමන වැළැක්වීම සඳහා පොලිසිය දළුගම ටයර් හන්දිය ආසන්නයෙන් මර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවන පරිදි මාර්ග බාධක යොදා ඇත.

මේ හේතුවෙන් කොළඹ – මහනුවර මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ට දන්වා සිටියි.

Trending

Exit mobile version