අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (ඔක්. 18) පැවැත්වූ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 8 දෙනා අද (ඔක්. 19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
විරෝධතාව කැලණිය විශ්වවිද්‍යාල අසලින් ආරම්භ කර කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි.
විරෝධතා පෙළපාළිය පැවත්වීමට අවසර ලබා ගෙන නොමැති බැවින් පෙළපාළිය නොපවත්වන ලෙස පොලිසිය එම පිරිසට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.
මාර්ගයේ ගමන් කරන ජනතාව සහ රථ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් ගමන් කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයින්ව සිට සාපරාධී බලහත්කාරය පෑම, අයුතු ජනරාශිය, රජයේ නිලධාරීන්ගේ අණට අකීකරු වීම යන හේතුන් මත එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරට ත් සඳහන් කරයි.