පුවත්

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 08දා

Published

on

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම වැඩසටහනට අනුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම නොවැම්බර් මස 14 වනදා සිදුකිරීමට නියමිතය.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට 22 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වනු ඇත.

එසේම අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 23 වනදා සිට දෙසැම්බර් මස 08 වනදා දක්වා දින 13ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 2023 වසරේ අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08 වනදා පැවැත්වෙනු ඇත.

Trending

Exit mobile version