පුවත්

2023 පළමු පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

Published

on

2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා අද (17) සිය සහතිකය සටහන් කළේය. එසේ සහතිකය සටහන් කරන ලද්දේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි.

බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල  සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද, හිග බදු වාරික මුදල් සේවා ගාස්තු සහ ප්‍රමාණකළ අලාභ අය කර ගැනීම විධිමත් කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසනු ලබයි.

උක්ත පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව, කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමග බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත 2023 අංක 1 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත වශයෙන් අද (17) සිට බලාත්මක වේ.

Trending

Exit mobile version