පුවත්

2023 මුල් සිවු මස තුළ ළමා අපචාර සිද්ධීන් 3,102ක්

Published

on

මේ වසරේ මුල් මාස හතර තුළ ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් 3,102ක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය 24දා ළමා ආරක්ෂණ ගැටළු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් එම අධිකාරියේ පැවති හි වැඩමුළුවකදීය. 

සාමාන්‍යයෙන් මසකට මෙවැනි පැමිණිලි 600කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය අනාවරණය කළාය.

2023 වර්ෂයේ ජනවාරි මාසයේදී පැමිණිලි 779 ක්ද, පෙබරවාරි මාසමයේ පැමිණිලි 703 ක්ද, මාර්තු මාසයේදී පැමිණිලි 1026 ක්ද, අප්‍රේල් මාසයේදී පැමිණිලි 594 ක්ද ලැබී ඇතැයිද ඇය සඳහන් කර සිටියාය.

මෙම පැමිණිලිවලින් සියයට 80 ක්ම පැමිණිලි ලැබී ඇත්තේ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929ට බවද ඇය සඳහන් කළාය.තවද, 2022 සිට සංඛ්‍යාලේඛනවලට අනුව වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 10,497කි.

Trending

Exit mobile version