Connect with us

පුවත්

ලෝක කුසලාන සංචිතයට වනිඳු නෑ  (Update)

Published

on

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකන වනිඳු හසරංග ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් අවසන් මොහොතේ තීරණය කර තිබේ.

ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

මේ අනුව, 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය මෙසේය :

——————————————–

(පෙර පුවත : 2023 සැප්තැම්බර් 26, පෙ.ව.11:11)

2023 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර ඇත.

ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි දසුන් ශානකගේ නායකත්වයෙන් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මෙම සංචිතය සඳහා කුසල් මෙන්ඩ්ස්, කුසල් ජනිත්, පැතුම් නිශ්ශංක,දිමුත් කරුණාරත්න,චරිත් අසලංක,ධනංජය ද සිල්වා,සධීර සමරවික්‍රම,කසුන් රාජිත,දුනිත් වෙල්ලාලගේ,මතීෂ පතිරණ හා ලහිරු කුමාර ඇතුළත් වේ.

මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත වනිඳු හසරංග,මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මධුෂංක නම් කර ඇති අතර අතිරේක ක්‍රීඩකයන් ලෙස චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත නම් කර ඇත.

ලබන මස 05 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

පුවත්

ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

නැසීගිය ජාතික කිරි මණ්ඩලයේ හිටපු කළමනාකරු – එල්.එස්. රොඩ්රිගෝ මහතාගේ ආදරණීය බිරිඳ හා ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ – කැළුම් ශිවන්ත මහතා ගේ ආදරණීය මෑණියන් වූ පුෂ්පා රංජනී ලියනගේ මහත්මිය අද (අප්‍රේල් 22) අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය හෙට (23) පෙ.ව. 11.00 – ප.ව. 10.30 දක්වාද අප්‍රේල් 24 පෙරවරුවේද කැළණිමුල්ල පිහිටි සුප්‍රීම් රෙස්ට් මල් ශාලාවේ තැන්පත් කෙරේ.

අවසන් කටයුතු අප්‍රේල් 24දා  ප.ව. 3.00ට පිලපිටිය සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුකෙරෙනු ඇත.

Continue Reading

පුවත්

පොලිස් බැකප් ගත්ත ටීචර් ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

Published

on

By

පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා පොලිසියේ පෙර ගමන් රථ කිසිසේත්ම භාවිත නොකළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කරමින් පැවැත්වූ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද(22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, එම අවස්ථාවේ වරදක් සිදුව ඇති බවය.

විමර්ශන වාර්තාව අනුව මෙය පුද්ගල වරදකින් සිදුවූවක්ද නැතිනම් නීතියේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් සිදුවූ කරුණක්ද යන්න හෙළිවනු ඇති බවට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදෙයි.

තමා දන්නා පරිදි මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් පැමිණෙන බැවින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවත් දරුවන් සිටින ස්ථානයක් සඳහා පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඒ අනුව ක්‍රියාවලිය අතරමග වරදක් සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ පිළිබඳව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“ජනාධිපතිතුමා යන්නේත් නැහැ එහෙම. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් මේ කරපු වැඩේ පිළිබඳව මාධ්‍ය සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.

මෙතන වරදක් වෙලා තියෙනවා ඒ ගැන පොලිසි විමර්ශන කරගෙනන යනවා. අපේ රටේ පෙරහර වගේ එවැනි අවස්ථාවකට පෙර ගමන් රථ ඉල්ලුවොත් ලබා දෙනවා. නමුත් මේක එහෙම කටයුත්තක් නෙවෙයි. 

පුද්ගලයන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා කිසිසේත්ම පොලිසියේ මෙවැනි රථවාහනන පොලිස් නිලධාරින් භාවිතා නොකළම යුතුයි. කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. නීතියකුත් නැහැ.

මම දන්න හැටියට එකවර 8000ක් එනවා කියල නෙවෙයි ඉල්ලලා තිබුනේත්. සෙෂන් හතරකට ළමයි ගෙන්න ගන්නවා කියලා තමයි ඉල්ලලා තිබුණේ. ළමයි එනවා කියලා පොලිස් ආරක්ෂාව තමයි මුලින්ම ඉල්ලලා තිබුනේ. 

ක්‍රියාවලියේ අතරමග සිද්ධ වෙච්ච වරද පිළිබඳව විමර්ෂන වාර්තාව බලමු. අදාළ ක්‍රියාමාර්ග අපි ගන්නවා. මෙවැනි ආකාරයේ කටයුතු වලට ඉඩ ලබා ගන්නේ කොතනින්ද කියන එක අපි බලමු. පොලීසියෙ තියෙන නීති වලින් රිංගලා යන්නේ කොතනින්ද කියලා බලන්න ඕන”

Continue Reading

පුවත්

ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

Published

on

By

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී  බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැති,  විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පැවසීය.

මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැති සහ  විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී අද (22)  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාව හා  එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත්  ශක්තිමත් සහ වැඩිදුයුණු කර දෙරටටම ආර්ථික ප්‍රතිලාභ අත් කර ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැතිවරයා ඇතුළු දූත පිරිස මෙරට සංචාරයක නිරත වෙයි. 

මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව පාලනයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙළ සඳහා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. 

එමෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උත්සාහය, කැපවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිබඳ පවතින ධනාත්මක ආකල්පය උප අගමැතිවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා  හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.  අතීතයේ සිදු වූ අයුරින් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරය නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ආරක්ෂා කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය  ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව  මෙහිදී නියෝජිත කණ්ඩායම දැනුම්වත් කළ ජනාධිපතිවරයා  වරාය පර්ය‍න්ත සංවර්ධනය, වරාය නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද කරුණු පැහැදිලි කළේය. 

කලාපයේ හොඳම ආයෝජන කේන්ද්‍රය හා  සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම  නව රජයේ අරමුණ බවද   මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය අහ්මඩ් අල් සෙයි, එහි ආර්ථික හා වෙළෙඳ කටයුතු සහකාර අමාත්‍ය සයිඩ් අල් හජේරි, එහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලශක්ති සහ තිරසර කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය අබ්දුල්ලා බෙලාලා, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අහමඩ් බර්හයිමා, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කලීඩ් අල් අමේරි, එහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මුඅත් අල් වාරි, විදේශ කටයුතු අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය සහ අන්තර්ගතයන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මයිතා අල් මයිසෝරි යන මහත්ම මහත්මීහුද, ආසියානු සහ පැසිෆික් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved