Connect with us

පුවත්

 2024දී කටුනායක ගුවන් තොටට විදුලිය 10%ක් පුනර්ජනනීය බලයෙන්

Published

on

වසර 2024 අවසන් වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පුනර්ජනනීය බලශක්ති නිපැයුම එහි මුළු බලශක්ති ඒකක පරිභෝජනයෙන් 10% දක්වා වැඩි කිරීමට සැලැසුම යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පසුගිය නොවැම්බර් 20 වැනිදා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම විසින් රුපියල් මිලියන 19ක් ආයෝජනය කරමින්, මෙම ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැගිල්ලේ වහලය මත කිලෝ වොට් 100 ක වෝල්ටීයතාවයකින් සමන්විත සූර්ය බල පද්ධති නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

එමගින් දිනකට කිලෝවොට් පැය 600 ක ධාරිතාවයක්, මසකට කිලෝවොට් පැය 18,000ක් වන පරිදි විදුලි උත්පාදනයක් මෙමගින් ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ.

එම ජනනය කරන බලශක්තිය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිවාස 200ක් බල ගැන්වීමට තරම් ප්‍රමාණවත් බව පැවසේ.

මේ අතර, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම විසින් නව එකතු කිරීමක් ඇතුළුව කිලෝවොට් 210 ක ධාරිතාවක් සහිත සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, ලබන වසරේ තවත් කිලෝවොට් 1,800 ක ධාරිතාවක් එම පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යනු ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි පාරිභෝජනය සිදු කෙරෙන ආයතන අතුරින් එකකි.

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඉල්ලා අස්වෙයි!

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.

එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාලනය කිරීම මගින් එම දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් උපයා දෙන රාජ්‍ය ආයතන පහ අතරට ගෙන ආ නිලධාරියකු ලෙස ද ප්‍රකටය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved