බිත්තර සහ කුකුළු මස් මිල යළි ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යන බවද අමාත්‍යවරයා පැවසීය.
ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.