Connect with us

පුවත්

2024 අය වැය අද පාර්ලිමේන්තුවට

Published

on

ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද ඉදිරිපත් කෙරෙන්නේ හැත්තෑ අටවැනි අයවැය යෝජනාවලිය වේ.

දාහතර ලක්ෂයක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ලක්ෂ හයක් පමණ වන විශ්‍රාමිකයන්ගේ ද වැටුප් මෙවර අයවැයෙන් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබිණි. 

රුපියල් දහසදහකින් පමණ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මෙවර අයවැයෙන් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා වැඩි බරක් යොදවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ද සඳහන් කර තිබිණි.

ජනවාරි මස පළමු වැනිදා සිට වැට් බද්ද සියයට දහඅට දක්වා වැඩි කිරීමේ යෝජනාව පමණක් නොව මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව තිබූ ඩීසල් හා පෙට්‍රල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ද ඊට ඇතුළත් කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය.

එමෙන්ම මීට දශක දෙකකට පමණ පෙර අහෝසි කර තිබූ දේපළ බද්ද යළි ක්‍රියාත්මක කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කෙරෙන බව පැවසේ.

ඉඩම්, නිවාස සහ යාන වාහන ඇතුළු ස්ථාවර වත්කම් මෙම බද්දට අදාළ කෙරෙන බවත් ඉහත ආරංචිමාර්ග කීවේය. 1992 වසර දක්වා පැවති එම බද්ද අහෝසි කර ඇත්තේ ඉන් ආදායම් ඉපයීමක් සිදුනොවන්නේය යන පදනම මතය.

අයවැය දෙවැනිවර කියවීම

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14වැනිදා) ආරම්භ කෙරෙන අතර එම විවාදය ලබන 21 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

කාරක සභා අවස්ථාවේ විවාදය 22 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 13 වැනිදා සවස 6.00ට පැවැත්වේ.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved