Connect with us

පුවත්

2024 දී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් අරඹන්න යයි!

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව  ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.

ක්‍රීඩා සම්මේලනවල පැන නගින ගැටළුවලට කල්තියා විසඳුම් සෙවීම සඳහා අදාළ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා සාකච්ඡා කිරීමට තීරණය තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ‍මෙසේද පැවසීය.

මෙරට ක්‍රීඩා සම්මේලන 72ක් තිබෙනවා. ඒ අතරින් සක්‍රීයව තිබෙන ක්‍රීඩා සම්මේලන 66ක් 2024 වසරට පෙර ඒකාබද්ධ කිරීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කළා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ, ඔවුන්ගේ වගකීම්, කාර්ය භාර්ය, වගකීම් සහ ප්‍රතිපත්ති පිළිබඳව එක ස්ථාවරයකට ගෙන ඒමයි.

ක්‍රීඩා සම්මේලනවල නිලධාරීන්ව ක්‍රීඩා අමාත්‍යාංශ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා සාකච්ඡා කිරීමට ද අප තීරණය කළා. ඒ සම්මේලනවල පැන නගින ප්‍රශ්නවලට කල්තියා විසඳුම් සෙවීම එහි අරමුණයි. එමෙන්ම ක්‍රිඩාව සංවර්ධනය කිරීමේ දී පැනගින ගැටළුවක්ව තිබෙන ලිපිගොනුවට පමණක් සීමා වූ ක්‍රිඩා සංගම් ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට ද අප මේ වන විට පියවර ගෙන තිබෙනවා. 2024 දී ක්‍රීඩාව ගමට ගෙන යෑම සඳහා විශේෂ වැඩපිළිවෙලකට අනුව ගමේ ක්‍රිඩාව දියුණු කිරීම එහි අරමුණයි. 

අප විසින් යෝජනා කර ඇති වැඩසටහන් වෙනුවෙන් ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙවර වෙන්වී ඇත්තේ රුපියල් මිලියන 125ක් පමණයි. මෙම සියලූම කටයුතු සඳහා අවම මුදල් ප්‍රමාණයකින් කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

ඒ වගේම නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට ද රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනක් පමණ වැය වෙතැයි අප විශ්වාස කරනවා. එම ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කිරීමට නියමිතයි. එහි අන්තර්ගත වන කරුණු වන්නේ, අධ්‍යාපනවේදී උපාධිය, විද්‍යාවේදී උපාධිය, ඒකාබද්ධ වාර්ෂික වර්ධන අනුපාතය සහ පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳව අධ්‍යයනය කිරීමයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක අනුමැතිය ලබාගැනීමෙන් පසුව 2024 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.  

එමෙන්ම ඉන්දියාව, නේපාලය සහ ලංකාව ඒකාබද්ධව යුද්ධ හමුදාවේ කර්නල් තනතුරින් ඉහළ මට්ටමේ සිටින නිලදාරීන් එක්ව  මෝටර් සයිකල් 15කින් සමන්විත රැළියක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා. එය දෙසැම්බර් 29 වනදා නේපාලයෙන් ආරම්භ කර ඉන්දියාව හරහා ජනවාරි 14 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අනතුරුව තෛපොංගල් දිනයේ (15) යාපනය කන්කසන්තුරෙන් ආරම්භ කරන මෙම රැළිය ගාලු මුවදොර දී, සංස්කෘතික සංදර්ශනයක් ද පවත්වා අවසන් කිරීමට නියමිතයි.

ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබාදීමට අප කටයුතු යොදා තිබෙනවා. ප්‍රාදේශීය මට්ටමේ කටයුතු සිදුවන ආකාරය සහ ඔවුන්ගේ කාර්ය භාර්ය පිළිබඳව අවබෝධයක් ලබාදීම එහි අරමුණයි. ඉන් පසුව ඔවුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කිරීමට ද නියමිතයි. එම සභභාගීත්වය මගින් තරුණ ගැළුවලට විසඳුම් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved