පුවත්

2024 අයවැයෙන් වැටුප් සංශෝධනය කරන්න යයි

Published

on

2024 වර්ෂය සඳහා වන අයවැය මඟින් සිදු කිරීමට අපේක්ෂිත වැටුප් සංශෝධන කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

2024 වර්ෂයේ අයවැය මඟින් රාජ්‍ය සේවයේ හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා කරන ලදී. 

ඒ පිළිබඳව පැවති සාකච්ඡාවේදී ඉදිරි අයවැය මඟින් රාජ්‍ය සේවක වැටුප් හා පෞද්ගලික අංශයේ වැටුප් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව වෙත යෝජනා ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.

Trending

Exit mobile version