Connect with us

පුවත්

2024 විසර්ජන පනත් කෙටුම්පතට CoPF අනුමතිය

Published

on

2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ (CoPF) අනුමතිය ඊයේ (09) හිමි වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් අද රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී 2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන්  අනතුරුව මෙම අනුමතිය හිමි විය. 

මේ අනුව 2024 වසර සදහා වන  පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් පෙර වසරවලට සාපේක්ෂව සංසන්දනාත්මකව විශ්ලේශනය කිරීම සිදුවූ අතර ඇතැම් කරුණු වලට අදාළ වැඩිදුර දත්ත ලබන 13 වැනිදාට පෙර කමිටුවට ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියේය.

වාර්ෂික අයවැය යෝජනාවලින් විශාල පුමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් බවද කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අනුව ඉතිහාසයේ සෑම ආණ්ඩුවක් යටතේම අයවැය යෝජනා ඉදිරිපත් කළද අවසානයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ සුළු ප්‍රමාණයක් බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙය නරක පූර්වාදර්ශයක් බැවින් මෙම තත්ත්වය වළක්වා ගනිමින් අයවැය පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. මේ අනුව රජයේ මුදල් කාරක සභාව මගින් ද ඉදිරි අයවැයට අදාළව මෙම පසුවිපරම සිදුකළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා විය.  මේ අනුව පසුගිය අයවැයෙන් පසුව කොපමණ යෝජනා ප්‍රමාණයක් ඉටුකර ඇත්ද යන කාරණයට අදාළ සවිස්තරාත්මක වාර්තාවක් ලබන සදුදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය. 

තවද විසර්ජන පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තියට අනුව ‘සංවර්ධන කටයුතු’ යන වැඩසටහනකට වෙන් කරන ලද මුදල් වෙනත් ශීර්ෂයක් යටතේ වෙනත් වැඩසටහනකට මාරු කිරීම පිළිබදවද අවධානය යොමු විය. මේ අනුව 2016 වසරේ සිට මෙලෙස  ලබා ගෙන ඇති අරමුදල් පිළිබද දත්ත වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් නි‍යෝග කළේය.

වාර්ෂික අයවැය පරතරය 5% කට අඩු අගයක පවත්වා ගතයුතු බවට මුදල් නීති රෙගුලාසිවල නෛතික ප්‍රතිපාදන තිබුණද එය ප්‍රායෝගික ක්‍රියාත්මක නොවීම පිළිබදවත් අවධානය යොමු විය. මේ අනුව නෛතික තත්ත්වයන්ට යටත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කමිටුව විසින් අවධාරණය කරන ලදී.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved