Connect with us

පුවත්

2025 අයවැය IMFඑකට සෙට් නම්, 28දා මීළඟ වාරිකය මුදා හැරෙයි

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම පසුගිය 2024 නොවැම්බර් මාසයේ දී සිදුවිය.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මීළඟ වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමක් එහිදී සිදුනොවූ අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමටත් ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කිරීමටත් යටත්ව පැවතුණි.

මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම ප්‍රමාද වූයේ ප්‍රධාන වශයෙන් 2025 අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල වන්නේදැයි යන්න අදාළ වීමත් සමඟිනි. 

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 අයවැය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබුණි.

“සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය නැවත ළඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධාන වන අතර, වගකීම් සහගත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2025 වසරේ අයවැය සකස් කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීමේ උත්සාහයන් සහ වියදම් සීමා කිරීම අවශ්‍ය වේ. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන් අර්බුදයෙන් ඇතිවන අපහසුතා බදු ගෙවන්නන්ගේ එයට දායක වීමේ හැකියාවට සමානුපාතිකව බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වේ. නව බදු නිදහස් කිරීම් වළක්වා ගැනීම මගින් රාජ්‍ය ආදායම් අහිමි වීම් සහ දූෂණ අවදානම් අවම කිරීමට සහ සමාජ වියදම් ඇතුළු වියදම් සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ආරක්ෂණ ගොඩනංවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීමට උපකාරී වනු ඇත.“

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ 2025 අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින රැස්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තුන්වන සමාලෝචනයට අනුමැතිය ලැබුණහොත් එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇත. එම ප්‍රවේශය හිමිවීමත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අරමුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1,333 ක් දක්වා ඉහළ යනු ඇත.

පුවත්

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

Published

on

By

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.

චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.

ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.

Continue Reading

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By


හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


(පෙර පුවත 2025 ජුලි 04 ප.ව.4.33 )

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.


(පෙර පුවත 2025 ජුලි 04 පෙ.ව.10.41 )

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved