Connect with us

පුවත්

2025 වසර සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වේ

Published

on

ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025  වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස් විය. 

එහිදී රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් මෙන්ම රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි විය.

ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින්  කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, නව යෝජනා සහ පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

රජයේ රෝහල්වල සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් කිරීමත්, එම සේවාවන් ඉටු කරන කාර්ය මණ්ඩලය සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීම පිළිබඳවත් අවධානය යොමු විය. 

මේ වන විට මෙම ක්‍රමවේදය කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා විය. 

අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ජනාධිපති අරමුදලින් පහසුකම් සැලසීම තව දුරටත් පුලුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන දරු දැරියන් මූලික කර ගනිමින් නව වැඩසටහන් ආරම්භ කිරීමටත්, දැනට පවතින වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් කෙරිණි. 

පුවත්

දුම්රිය වර්ජනය කල් යයි (UPDATE)

Published

on

By

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.7.30 )

දුම්රිය නියාමකවරු අද රෑට වැඩ වර්ජනයක් අරඹයි

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

Published

on

By

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී ඇත්තේ පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බවය.

ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වේ.

ලිපිනය – අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක – +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]

Continue Reading

පුවත්

කුරුණෑගල ඉඩම් වංචාව පිටුපස හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් රත්නසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කුරුණෑගල අක්කර 1,000ක ඉඩම් ගනුදෙනුවකට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක මහත්මිය සම්බන්ධ වී ඇති බවයි.

මෙම ඉඩම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බදු පදනම මත ලබාගෙන ඇති අතර, එය ඇපකරයක් ලෙස යොදාගෙන ලංකාපුත්‍ර බැංකුවෙන් ණයක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ කෙසේ වෙතත්, එම ණය මුදල පැහැර හැර ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයට පෙර සිටි තවත් හිටපු ජනාධිපතිවරයෙකු මාසික බදු මුදල අඩු කිරීමට සහ පසුව එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සම්බන්ධ වී ඇති බවය.  

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved