Connect with us

පුවත්

“2027 මාර්තු වනවිට කොළඹ වාරය නගරයේ අවන්හල් ඉවත් කරනවා” 

Published

on

කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන අතර එසේ ඉදිකර ඇති අවන්හල් 2027 වර්ෂයේ මාර්තු මාසය වන විට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් පැවසීය. 

කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක්ද යන්න පිළිබඳව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමුකළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීහු මේ බව ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ සාකච්ජා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ, සැප්තැම්බර් 19දා (ලබන අඟහරුවාදා) පාර්ලමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සළකා බැලීම සඳහා 2023 සැප්තැම්බර් 12 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කමිටුව විසින්,වරාය නගරයේ එවැනි අවන්හල් පිහිටුවීමට අවසරදීමට අදාල බලධාරීන් තීරණය කර ඇත්තේ කුමන නීතිමය පදනමක් මතද යන්න සහ 2027 වර්ෂය වන විට ඒවා ඉවත් කිරීමේ නෛතිකභාවය පිළිබඳවද කොමිසමේ සාමාජිකයින්ගෙන් වැඩිදුරටත් විමසා සිටියේය.  එමෙන්ම කමිටුව මෙහිදී කොමිසමේ සාමාජිකයින්ගෙන් විමසා සිටියේ මෙම අවසර ලබාදීම සහ ඉවත්කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇත්දැයි යන්නයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු හැකි ඉක්මනින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා කොළඹ වරාය නගරය ආර්ථික කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී.

වරාය නගරයේ සිදුකෙරෙන කටයුතුවලින් රජයට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව කමිටුව වැඩිදුරටත් විමසා සිටියේය. ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සඳහා අනුමැතිය ලබා දීමට පෙර වරාය නගරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ පිළිබඳ දත්ත සමග විස්තර ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තවද ස්මා(ර්)ට් සිටි සංකල්පය යටතේ වෙනම භුමි ප්‍රදේශයක් ලෙස වරාය නගරය ඉදිකෙරෙන බැවින් අපජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්තිය, විධිමත් මලාපවහන යාන්ත්‍රණයන් වැනි ස්මා(ර්)ට් නගර ඉදිකිරීමේදී භාවිතාවන සංකල්ප මත මෙම නගරයේ සංවර්ධන කටයුතු සිදුවනවාදැයි කමිටුව,කොමිෂන් සභාවේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කළේය. වරාය නගරය සංවර්ධනය කිරීමේදී රටේ අනෙකුත් ප්‍රදේශවල පවතින අවිධිමත් මලාපවහන සහ අපජල කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටලු මගහරවා ගත යුතු බව කමිටුව විසින් අවධරණය කරන ලදී.

වරාය නගරය ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් සැලකිය යුතු මුදලක් වැය කර ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ සියලු මුදල් බදු ගෙවන්නන්ගේ මුදල් වන බැවින් රටේ බදු ගෙවන පුරවැසියන්ට මින් ලැබෙන ප්‍රතිලාභය කුමක්දැයි කමිටුව, කොමිසමෙන් ප්‍රශ්න කළේය.

ඒ අනුව, වරාය නගරය සහ යටිතල පහසුකම් සඳහා වන රජයේ වියදම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ වරාය නගරයේ වැඩකටයුතු ආශ්‍රිත ආදායම් මාර්ග පිළිබඳ විස්තරද ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, කොමිෂන් සභාවේ සාමාජිකයින්ට උපදෙස් ලබාදුන්නේය.

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ චන්දිම වීරක්කොඩි, නිමල් ලාන්සා, ආචාර්ය මේජර් ගරු ප්‍රදීප් උඳුගොඩ, නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතීඥ මධුර විතානගේ, යූ.කේ. සුමිත් උඩුකුඹුර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා අවස්ථාවට සහභාගි වූහ.

පුවත්

කොස්ගමදී කොටහැර පොඩ්ඩාගේ පවුලටම වෙඩි තියලා 

Published

on

By

මවක, දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි.

කොටහැර පොඩ්ඩා නමැති සංවිධානාත්මක අපරාධකරු ඇතුළු  තිදෙනකු මෙසේ තුවාල ලබා අවිස්සාවිල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.

හංවැල්ල ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹා නැවත නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් නමය වර්ගයේ බවට සැක කළ හැකි උණ්ඩ නමයක් හමුවී ඇති අතර සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක තුවාලකරුවකු සැඟව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

Continue Reading

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved