Connect with us

පුවත්

23 – 25 කරන්න අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්!

Published

on

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩි කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරි දෙසතිය තුළ සිදු කිරීමට සූදානමම් වන බව වාර්තා වේ. 

මෙහිදී නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට හෝ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මුනිර් මුලෆ්ෆර් රාජ්‍ය ඇමතිවරයාට හෝ කැබිනට් අමාත්‍ය පදවියක් ලැබෙනු ඇතැයි පැවසේ. 

මෙතෙක් කැබිනට්ටුවේ මුස්ලිම් ජාතික ඇමැතිවරයකු ඇතුළත් නොවූ බැවින් රජය මෙම තීරණය ගෙන ඇත.

මේ හැරෙන්නට ආරක්ෂක විෂයට අදාළ අමාත්‍යවරයකුට වෙනත් විෂයක් පැවරීමට ඉඩ ඇති බවද සඳහන්ය. 

එසේම තවත් නව අමාත්‍යවරයකු පත් කිරීමට සැලසුම් කර ඇතත් ඒ ගැන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද පැවසේ. 

ඒ අතර තවත් නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ විෂය වෙනසක් සිදු කිරීමටද සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

ජාතික ජනබලවේගය මහ මැතිවරණයේදී ප්‍රකාශ කළ පරිදි කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 25 සීමාවෙහි රඳවා ගනිමින් කැබිනට් සංශෝධනය සිදු කරනු ඇතැයි කියැවෙයි. 

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නැගෙනහිර පළාතෙන් අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු පත්වීමට ඉඩ ඇතැයිද පැවසේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන නිශ්චිත දිනය මෙතෙක් තීන්දු කර නැතත් එය සිදුවන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද ප්‍රකාශ කර ඇත.

පුවත්

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

Published

on

By

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාවට කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ.

එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට මේ වනවිට කෙටි පණිවිඩ යවා තිබේ.

ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසය.

එම මුදල බැර කළ යුතු අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබේ.

එම පණිවිඩය මගින් මේ සම්බන්ධයෙන් තමන්ට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් සටහන් කර තිබේ.

Continue Reading

පුවත්

පානදුරේ වැරදුනු කුරුමානම

Published

on

By

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන 8ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීම සිදුකර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

Continue Reading

පුවත්

මහින්දානන්ද – නලින් බලන්න අවස්ථාව මාසයකට එක්වරයි

Published

on

By

බරපතළ  වැඩ සහිත සිර දඬුවම් ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සියලු අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. සාමාන්‍යයෙන් එක වරකට  තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද  ඔහු සඳහන් කළේය.

හිටපු ඇමතිවරුන් දෙදෙනා එකම පොදු  ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දෙදෙනාට බන්ධනාගාරයේ  වැඩ පැවරීම බොහෝ දුරට අද (02)   කෙරෙනු ඇතැයිද  එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved