නියමිත පිරිවිතරයන් (specifications) නොමැතිවීම නිසා ප්‍රතික්ෂේප කරණ ලද අක්ෂි කාච දස දහසක තොගය ගෙන්වන ලද පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට (P.T.C Holdings (Private) Limited) තවත් අක්ෂි කාච හැත්තෑ දහසක් ගෙන්වීමට ටෙන්ඩර් ප්‍රදානය කර ඇතැයි වාර්තා වේ.
මේ අක්ෂි කාචයක් රුපියල් 9,000ක මුදලකට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීමට ඔවුන් මිල ගණන් ලබාදී ඇති අතර අදාළ කාචයක් මෙරට ඔසුසලකින් ලබා ගන්නේ නම් රුපියල් තිස්දහසක් පමණ වන බවද පැවසේ.
මේ අතර, අදාළ අක්ෂි කාච තොගය වෛද්‍ය සැපයුම් අංශයට භාරගන්නා ලෙසට සිදු කෙරෙන බලපෑම් මේවන විට ඉහල ගොස් ඇති අතර මෙම කාච තොගය ඉන්දීය සමාගමකින් ගෙන්වා ඇති බවද වාර්තා වේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් ගෙන්වීමේ සිද්ධිය හේතුවෙන් අදාල කාච තොගය බාර ගැනීමට මේවන සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ කිසිදු නිලධාරියකු ඉදිරිපත් නොවීමේ තත්ත්වයක් මතුව ඇති බවද පැවසේ.
පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (P.T.C Holdings (Private) Limited) අධ්‍යක්ෂවරුන් ලෙස ඔවුන්ගේ සමාගම් වෙබ් අඩවියේ ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන්ගේ නම් ඇතුළත් කර තිබේ.
ගිහාන්, විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ පුත්‍රයාය.
සබැඳි පුවත් :
ප්‍රමිතියක් නැති අක්ෂි කාච ගෙන්නුවේ බෙනරගමගේ පුතාගේ කොම්පැමිණියෙන්!