පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් – පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.
මෙම මාර්ගය අධි ආරක්ෂක කලාපයක් සහ යුද හමුදා නිල නිවාස හරහා දිවෙන බැවින් ආරක්ෂක හේතුන් මත නීතිරීති මාලාවක් යටතේ මහජනතාවට විවෘත කිරීමට පියවර ගෙන ඇත.
මාර්ගය ආරම්භක ස්ථානයේ මෙම නීතිරීති සඳහන් කරමින් දැන්වීම් පුවරුවක් සවිකර ඇති අතර, එම නීතිරීති කඩකරන්නන් හට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එහි දැක්වේ.
ඒ අනුව මෙම මාර්ගය මහජනතාවට විවෘත වන්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා පමණක් වන අතර, මාර්ගයේ ගමන් කරන මගීන් අවශ්‍ය ඕනෑම මොහොතකදී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සුදානමින් සිටිය යුතු වේ.
කෙසේවෙතත්, මෙම මාර්ගයේ කිසිවිටෙකත් පයින් ගමන් කිරීම හෝ පාපැදියෙන් ගමන් කිරීම තහනම් වන අතර, මගී ප්‍රවාහන බස්රථ හැර අනෙකුත් බර වාහන කිසිවක් ධාවනය කළ නොහැකිය.
එමෙන්ම කිසිවිටෙකත් රථ වාහන මාර්ගයේ නවතා තැබීමක් හෝ හැරවීමක්ද සිදුකළ නොහැකිය.
කිසිදු මොහොතක ඡායාරූප ගැනීම හෝ පටිගත කිරීම තහනම් බව ද අදාළ මාර්ගයේ සවිකර ඇති පුවරුවේ සඳහන් වේ.
මේ අතර, ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 40කි.