පුවත්

4දා ස්වාධීන වූ අරුන්දික 5දා සන්ධාන උත්සවයේ !

Published

on

පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන බව පැවසූ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ සන්ධානය එළි දැක්වීම සඳහා බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ ඊයේ (05) පැවැති උත්සවයට සහභාගි වී සිටීම මේවන විට කතාබහට ලක්ව තිබේ.

රට විනාශය කරා ගෙන යෑමට කුමන්ත්‍රණය කරමින් සිටින සහ ජනතාවගේ මොළ සෝදමින් සිටින අශුද්ධ සන්ධානය පරාජය කිරීම සඳහා තමා ස්වාධීන වන බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන මන්ත්‍රි කණ්ඩායම එකතුවී ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ පිහිටුවා ගන්නා ලදි.

Trending

Exit mobile version