නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථය මාර්ගය හරහා පෙරැලීමෙන් තුවාල ලැබූ හතලිස් දෙනකු නුවරඑළිය දිස්ත්‍රික්මහ රෝහලට ඇතුළු කළ බව නුවරඑළිය පොලිසිය පවසයි .
කාන්තාවන් පස් දෙනකු හා පිරිමි පුද්ගලයින් 35 දෙනකු තුවාල ලැබූ පිරිස අතර සිටින බව පොලීසිය සඳහන් කළේය.
නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන නුවරඑලිය සිට ත්‍රිකුණාමලය දක්වා වාර්ෂික චාරිකාව යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත විම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහල මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇතැයි පොලීසිය කියයි.
(ලංකාදීප)