Connect with us

පුවත්

ඊ ටිකට් මාෆියාවට සැකකරුවෙක් අත්අඩංගුවට

Published

on

විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසඉ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සතුව තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

පුවත්

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය ගැන ශ්‍රී ලංකා තානාපතිගෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බව ඊශ්‍රායලයේ  ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඊශ්‍රායලයේ නවතම තත්ත්වය පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා,

“අප පදිංචි ටෙල්  අවිව් උතුරු කලාපයේ හර්සීලියා ප්‍රදේශය වෙත එල්ලවූ  මිසයිල ඊශ්‍රායල් ගුවන් හමුදාව හා අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කරන විට බිත්ති දෙදරුම් කනවා. නිවාසවල වීදුරු සෙලවෙනවා. ප්‍රදේශ කිහිපයක් ගොඩනැගිලි හා වාහන ගිනිගැනීම් වාර්තා වුණා. තුවාල සිදුවීම් 50කට අධික බව වාර්තා වුණා.”

“තුවාලකරුවන් අතරට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අයත් බව වාර්තා වෙන්නේ නැහැ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ හදිසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.”

“ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ඊශ්‍රායල් ගුවන් සීමාව තව දුරටත් වසා දමා තිබෙනවා.”

“ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඩුබායි ගුවන්තොටුපොළේ රැඳී සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඩුබායි හි කොන්සල් ජනරාල් කාර්යාලය හා අබුඩාබි ගුවන්තොටුපොළේ රැදුණු ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු පිළිබඳ කටයුතු එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය සිදු කරනවා.”

“ඔවුන්ට තාවකාලිකව රැඳී සිටීමේ වීසා හා නවාතැන් පහසුකම් ලැබී තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ නිවාඩු ගොස් සිටින සියලුදෙනා තම ගුවන්ගමන් බලපත්‍රයේ පිටපතක් හා නැවත ඊශ්‍රායලයට ඇතුලත් වීම සඳහා නිකුත් කර ඇති වීසා බලපත්‍රයේ පිටපතක් තානාපති කාර්යාලයට එවන මෙන් දැනුම්දෙනවා. එමගින් ඔවුන්ගේ ර්‍එ-එන්ට්‍රය් විසා කාලය දික් කරගැනීමට උපකාර කළ හැකියි.”

“තානාපති කාර්යාලයේ නිලධාරීන් පවතින තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින අතර පවතින තත්ත්වය මත උපකාර අවශ්‍ය පිරිසට තානාපති කාර්යාලයේ නිලධරීන් ඇමතිය හැකියි.”  

Continue Reading

පුවත්

ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක්

Published

on

By

මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (14) උදෑසන සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු 56ක් වන මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය අද උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති අතර, ඔවුන් විසින් කොච්චිකඩේ පොලීසිය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

මේ වනවිට මළසිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලවෙත රැගෙන යෑමට නියමිතය.

Continue Reading

පුවත්

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඉන්දියාවේ ස්ථාවරය පවසයි

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ආතතීන් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළකර තිබේ.

එමෙන්ම මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඉන්දියාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත.

මතගැටුම් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙසද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් රටවල් දෙකටම යෝජනා කර තිබේ.

ඉරානය සහ ඊශ්‍රායලය දියත් කරන ප්‍රහාර සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව දෙරට සමඟම සමීප සහ මිත්‍රශීලී සබඳතා පවත්වන අතර හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම්ව සිටින බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ ඉන්දියානු දූත මණ්ඩල විසින් එහි සිටින ඉන්දියානු ප්‍රජාවන් සමග සම්බන්ධතා පවත්වමින් ඉදිරි කටයුතු සිදුකරමින් ඇති බවත් පහැදිලි කර තිබේ.

කලාපයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ආරක්ෂිතව සිටින ලෙස සහ ආරක්ෂක උපදේශන අනුගමනය කරන ලෙස උපදෙස්දී ඇතැයි ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved