පුවත්

7ක් මැරුණ දින රෑ නරියා කන්දේ සංවිධායකයෝ පාටි දාලා (වීඩියෝ)

Published

on

යුද හමුදාවේ හා ශ්‍රී ලංකා ඔටෝමෝබයිල් සංගමයේ සංවිධානයෙන් පසුගිය 21 දා පැවති නරියාකන්ද සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලියේ සිදුවූ මාරක රිය අනතුරින් පසු තරගාවලිය නතර කර දැමුණද එදින රාත්‍රියේ සංවිධායකයන් විසින් ගාලා විනෝද සැණකෙලියක් හා සංගීත ප්‍රසංගයක් පවත්වා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ තරග අවලංගු කළද හත් දෙනෙකුට මරු කැඳවමින් තවත් 21 දෙනෙකුට තුවාල සිදු කරවමින් සිදුවූ ඛේදවාචකය පැය කිහිපයකදී අමතක කොට ආෆ්ටර් පාටි සැණකෙළි ස්වරූපයෙන් පැවැත්වීම අනුමත කළ නොහැකි බවයි. 

මෙම අනතුරේ වරද මෝටර් රථ රියදුරන් දෙදෙනා පිට පැවරීමට මේ වන විට සංවිධායකයන් කටයුතු කරන නමුත් මෝටර් රථ තරගයක් අතර තුර සිදු වන මෙවැනි අනතුරකට රියදුරන්ට එරෙහිව නීති මගින් කටයුතු කළ නොහැකි බව නීති විශාරදයෝ පෙන්වා දෙති. 

මෙවැනි අනතුරක් සිදුව ඇත්තේ තනිකරම සංවිධායකයන්ගේ වරද නිසා බව කියවේ. 

මේ පිළිබඳ හෙළිදරව්වක් ඉදිරියේදී ශ්‍රී ලංකා මිරර් වෙතින් බලාපොරොත්තු වන්න.

Trending

Exit mobile version