Connect with us

පුවත්

Live – 75 වැනි නිදහස් දිනය අද; සැමැරුම ගෝල්ෆේස් හිදී

Published

on

ශ්‍රී ලංකාවේ 75 වන  නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

නිදහස් දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 08.15ට නිදහස් උත්සව භූමියට පැමිණීමට නියමිත අතර පසුව ජාතික ධජය එසවීමත් ජාතික ගීය ගායනය සමඟ නිදහස් දින උළෙලේ කටයතු ආරම්භ වේ.

යුද හමුදාවේ පිරිස් පාරිපාලන අධ්‍යක්ෂ බ්‍රිග්‍රේඩියර් උපුල් කොඩිතුවක්කු මහතා පැවසුවේ නිදහස් දින පෙළපාලිය පෙරවරු 10-30 පමණ වනතෙක් පැවැත්වෙන බවයි.

නිදහස් දින සැමරැම් පෙළපාලිය සඳහා පොලීසිය නියෝජනය කරමින් බළඇණි හතරක් සහභාගි වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කීය.

නාවික හමුදාව නියෝජනය කරමින් පාබල බළඇණිවලට අමතරව නෞකා 03ක් 75 වන නිදහස් දින උ‍ළෙලට සහභාගි වීමට සියල්ල සූදානම් කර ඇති බව නාවික හමුදාවේ  පරිපාලන අධ්‍යක්ෂ කොමදෝරු ධම්මික උඩුගම මහතා පැවසුවේය.

ගුවන් හමුදාවේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් වරුණ ගුණවර්ධන මහතා 75 වන නිදහස් දින සැමරුම් උළෙල වර්ණවත් කිරීම සඳහා ගුවන් යානා 14ක්ද එක්වන බව කීය.

මේ අතර, නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් ගාලුමුවදොර හා ඒ අවට මාර්ග රැසක් වසා තැබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත් නියෝගෙයක්..

මේ අතර, නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ ගාලුවමෝදරට යන මාර්ග අවහිර නොකරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු 27 දෙනකු නම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

නිදහස් උත්සවය පැවැත්වෙන කාලය එය කඩාකප්පල් කිරීම සඳහා ගාලුමුවදොර මාර්ග අවහිර කිරීමට යන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව, කොම්පඤ්ඤවීදිය,  සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා අදාල නියෝගය නිකුත් කළේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved