Connect with us

පුවත්

“8 වැනිදා අයින්වෙන්නේ නෑ, මරාගෙන මැරනෙවා”

Published

on

කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ඉවත් මෙම මස 08 වැනිදා වනවිට ඉවත් කරගන්නා ලෙස එම වෙළැඳසැල්හිමියන් වෙත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දන්වා ඇති බව කිඹුලාවල STREET FOOD වෙළඳ සංගමයේ සභාපති සිසිර දිසානායක මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මෙලෙස මෙම වෙළැඳසැල් ඉවත්කරන ලෙස දන්වා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් විධායක ඉංජිනේරුවරයාගේ අත්සනින් යුතු ලිපියකින් බවද පැවසේ.

කෙසේ නමුත් ඉවත් කිරීමට හේතුවක් නොදැන්වූ බවත් , මෙලෙස තම වෙළඳසැල් ඉවත්කර ගැනීමට සූදානම් නැති බවද එලෙස ඉවත් කළහොත් තම ජීවන උපාය නැතිවන බවද ඔවුන් පවසති.

සිසිර මහතා වැඩිදුරටත් ‌මෙසේ පැවසීය.

’08 වැනිදා අපට අයින් වෙන්න කියලා තියෙනවා . නාමල් , මධුර මන්ත්‍රීවරුන් අපට මේක පිලිවෙලකට කරගෙන යන්න කිව්වා..රීට්‍රීට් ෆුඩ් මෙහෙම තමයි… අපි කොච්චර පිරිසිදුව කලත් අපිව මේ අයින් කරන්න හදන්නෙ. RDA එකෙන් තමයි මේක කළේ. අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ මුදලක් අයකරලා අපට මේක ලස්සනට කරගෙන යන්න දෙන්න. විදේශිකයින් මෙතන ඉන්නවා. රජය මෙහෙම කරන්න එපා. විදිමත්ව කරන්න දෙන්න…ෆොරිනස්ලා එකපාරට එන්නේ මෙතනට…ලියුම දුන්නේ RDA එකෙන් තුන්වෙනි වතාවට , හේතුවක් කියන්නේ නෑ ඉහලින් ආවා කියනවා..8 වෙනිදා අයින් වෙන්නේ නෑ මරාගෙන මැරෙනවා.ජනාධිපතිතුමා හැම තිස්සෙම කියනවා නයිට් ලයිෆ් එකක් අතිකරන්න කියලා .ජනාධිපතිවරයා ඇස් ඇරලා බලන්න…කඩ 27 විතර ඉන්නවා .කාගේ හරි බලපෑමකට තමයි මේක කරන්නේ. PHI වරු ස්ට්‍රීට් ෆුඩ් ගැන දන්නේ නෑ. කාගේ හරි උවමනාවට තමයි මේ නඩු දාන්නේ”

සබැඳි පුවත්
බන්දුල හා මධූර කිඹුලාවල කඩ කඩන්න හදන්නේ පිටගම්කාරයෝ පන්නන්නද? 

කිඹුලාවල ‘ස්ට්‍රීටි ෆුඩ්’ කඩ වහන්නැයි RDA දැනුම් දෙයි

කිඹුලාවල Street Foods වෙළඳසැල් වලට බැටේ දුන්නේ බන්දුල? 

Street Foods වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව ඇනහිටියි! 

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved