Connect with us

පුවත්

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

Published

on

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය ඇ-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබේ.

පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබූ අතර මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බවය.

පොලීසිය නිවේදනය කරන්නේ ඇ-9 මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සාමාන්‍ය පරිදි මාර්ගයේ ගමන් කළ හැකි බවය.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved