පුවත්

ADB වෙතින් ලංකාවට ඩොලර් මිලියන 350ක ණයක්!

Published

on

ආසියානු සංවර්ධන බැංකුව,ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට පියවර ගෙන තිබේ.

එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව පැවසීය.

ආසියානු සංවර්ධන බැංකු සභාපති පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත් වන බවයි.

එසේම මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ බව ද සඳහන් වෙයි.

Trending

Exit mobile version