ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් 02ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය පහසුකම් 02ක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇත.
එහි පළමු උප වැඩසටහන යටතේ අර්බුද කළමනාකරණ රාමුව සහ මූල්‍ය අංශයේ ස්ථායීකරණය වැඩිදියුණු කිරීම සඳහා වන කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම යෝජනා කර ඇති අතර දෙවන උප වැඩසටහන යටතේ ඔරොත්තු දෙන සියල්ල ඇතුළත් මූල්‍ය පද්ධතියක් ගොඩනැගිමට යෝජනා කර ඇත.
පළමු උප වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වාර්ෂිකව 2%ක පොලි අනුපාතයක් යටතේ, වසර 05 ක සහන කාලයක් ද ඇතුළත් වසර 25ක නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.