මෙරට ජනතාව දැවැන්ත සේවයක් සිදුකරන 1990 සුවසැරිය ගිලන් රථ සේවය සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ තිබේ.
ඒ, Mixed reality සහ AI තාක්ෂණය සමග එක්ව සිය සේවය ශක්තිමත් කරමිනි.
මීට කලින් ගිලන්රථය තම වෛද්‍යවරයා සමග සම්බන්ධ වූයේ දුරකතනය මගින් වුවත්, Mixed reality සහ AI තාක්ෂණය ඔස්සේ දැන් ඔවුන්ට සම්බන්ධ විය හැකි වනු ඇත.
මෙවැන්නක් ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම ක්‍රියාත්මක වන්නේ පළමු වතාවට බව 1990 සුවසැරිය ගිලන් රථ සේවය පවසයි.
මේ සඳහා තාක්ෂණික දායකත්වය ලබාදෙන්නේ Wavenet හා මයික්‍රොසොෆ්ට් සමාගම් ය.
මුලින් නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර පසුව දිවයිනේම ව්‍යාප්ත කිරීමට නියමිතය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ 1990 සුවසැරිය නිර්මාතෘ – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මෙම සේවයට ස්වේච්ඡාවෙන් නායකත්වය ලබාදෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත්, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතාටත්, කාර්ය මණ්ඩලයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් සිය ප්‍රණාමය පුද කළේය.
තවද, සුවසැරිය සේවකයින්ටත් රු. 10,000/= ජීවන වියදම් දීමනාව ලබාදෙන්නැයි හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමට අවධානය යොමු කර එය ඉටුකිරීමට කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද සඳහන් කළේය.