මෙරට සිටින විදේශ ගමන් බලපත්‍ර සහිත පුද්ගලයන්ට රුපියල් 3500/- ක මුදලක් ලබා දෙමින් අලිපේ (Alipay) ගිනුම් සකස්කරගෙන ඒවායේ මුරපද ද සහිතව මිලදී ගන්නා සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
අදාළ කල්ලිය කුමන ආකාරයේ අපරාධ සඳහා මෙම ගිනුම් යොදා ගන්නේද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.
කෙසේවුවද, පසුගිය කාලයේදී මෙරට බැංකුවලින් ඔන්ලයින් සේවාවන් ඔස්සේ මුදල් වංචාවන් සිදු කරීම සම්බන්ධයෙන්ද මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරමින් තිබේ.
මේ අතර, පසුගිය අප්‍රේල් 26 වැනිදා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් සතියක පමණ කාලයක සිට ක්‍රියාත්මක බව හෙළි කළේය.
සබැඳි පුවත්:
සුවිශාල ඔන්ලයින් ගනුදෙනු වංචාවක්