Connect with us

පුවත්

ATMවලට පොලිස් ආරක්ෂාව!

Published

on

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, පසුගිය කාලය පුරා ATM යන්ත්‍ර මංකොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ද ගෙන ඇති බවයි.

මේ අතර, කුරුණෑගල ගැට්ටුවාන හන්දියේ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් එම යන්ත්‍රය ග්‍රයින්ඩරයකින් කපා රුපියල් ලක්ෂ 90ක මුදලක් පෙරේදා (06) සොරාගෙන පලා ගිය අපරාධකරු බන්ධනාගාරයෙන් පලා විත් සිටින්නෙක් බව හෙළි වී තිබේ.

මෙම අපරාධකරු විදූෂ ඉන්ද්‍රජිත් අධිකාරි නමැති අයෙක් බවත් ඔහු පලා ගොස් ඇත්තේද මින්නේරිය යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි රථ ගාලේ තිබුණු රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක් මේ ආකාරයටම 2021 වසරේ නොවැම්බර් 26 වෙනිදා ග්‍රයින්ඩර්වලින් කපා රුපියල් ලක්ෂ 76ක මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටියදී බවත් පැවසේ.

30 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු එප්පාවල පදිංචිකරුවෙකි.

ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටියේ ඉදිරිපස ඔහු අලුත්වැඩියා කටයුත්තක් සිදුවන බව සඳහන් කරමින් පුවරුවක්ද එල්ලා තිබී ඇත.

ඒ නිසා තුටිය තුළ ග්‍රයින්ඩරය ක්‍රියාත්මක වන හඬ පිටතට ඇසුණද කිසිවෙකුගේත් සැකයට එය ලක්ව නැත.

පොලිසිය පවසනුයේ පැය තුනහමාරක පමණ කාලයක් ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටිය තුළ ඔහු රැඳී සිට ඇති බවය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved