ගම්පොළ, පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් ගමන්ගත් වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ඊයේ (24) රාත්‍රී 12.40ට පමණ මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් තිබුණු අතර, එම යන්ත්‍රයේ පැවති මුදල සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.