පුවත්

රතු ලවයා අල්ලා රට පටවන්න හම්බන්තොට කට්ටියක් සෙට් වෙයි!

Published

on

රතු ලවයා හෙවත් තාඹුවා මාළුවා ඇල්ලීම තහනම් කරමින් පනවා ඇති නීතිය ඉවත් කරන ලෙසට හම්බන්තොට ධීවර වරායේ ධීවර කාර්මිකයින්ගේ සංගමයේ සභාපති ජි.ඒ. සුමිත් කුමාර මහතා ඉල්ලා ඇතැයි වාර්තා වේ.

සභාපතිවරයා පවසන්නේ හම්බන්තොට මුහුදු තීරයේ මුහුදු පතුලේ බහුලව සිටින මෙම මාළුවන් වර්තමානයේ කිලෝවක් රුපියල් 5000 ක් පමණ වන අතර චීනය ජපානය වැනි රටවලට මෙම මසුන් යවා විදේශ විනිමය උපයාගත හැකි බවයි.

රතු ඉස්සන් වඳවීම හා කොරල්පරවලට හානි වන බවට වන විද්‍යාත්මක කරුණු මත මෙම මාළුන් ඇල්ලීම මීට වසර 5කට පමණ පෙර තහනම් කරනු ලැබිණි.

තාඹුවා විසින් පිටකරන අපදව්‍ය ආහාරයට ගැනීම මගින් රතු ඉස්සන් පෝෂණයවීම සිදුවන බව පැවසේ.

එසේම තාඹුලුවා ජීවත්වන්නේ කොරල්පර ආශ්‍රිතව වන බැවින් ඔවුන් ඇල්ලීමට යාමෙන් කොරල්පරවලට සිදුවන හානිය වැලැක්වීමට නොහැකි බව සාගර විද්‍යාඥයන්ගේ මතය වේ.

2017-10-11 දින 2014/4 අංක 29 දරණ ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් පත්‍රයක් මඟින් තාඹුවා (cephalopholis sonneradi) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තාඹුවා මාළුවා ඇල්ලීම, ළඟ තබා ගැනීම, විකිණිම, කොටස් කර ළඟ තබා ගැනීම අපනයනය කිරීම තහනම් කර ඇත.

අඩි 2ක් පමණ වන මෙම විශාල මාළුවා ගල් සහිත කොරල් පරවල ජීවත් වන අතර පුර්ණ මාංශ භක්ෂක මාළුවෙකි.

Trending

Exit mobile version