Connect with us

පුවත්

AUKUS අනවශ්‍ය පියවරක් ; නව වරායට චීන හමුදාවේ සම්බන්ධයක් නෑ – ජනපති

Published

on

ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යය විසින් ඇති කරගෙන ඇති AUKUS ආරක්ෂක ගිවිසුම, ඒ රටවලට ඉදිරියේදී අනිසි ලෙස බලපානු ඇති ‘අනවශ්‍ය’ පියවරක් බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

“මා හිතන්නේ එය වැරදි උපායමාර්ගික පියවරක්, මට හිතන්නේ ඔවුන්ට වරදක් වුනා,” යැයි වික්‍රමසිංහ මහතා පවසා ඇති බව ඇමෙරිකානු සඟරාවක් වන ‘නැෂනල් රිවිව්’ වාර්තා කරයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම් අතරතුර පැවැත්වුනු ඉන්දු-පැසිෆික් දූපත් කතිකාවත අතරතුරේදීය.

ලංකාවේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා තමා ඇමෙරිකාව හා චීනය අතර මැද මාවතක ගමන් කරන බවත් ජනාධිපතිවරයාගේ අදහස් වලින් පිළිබිඹු වූ බවද ‘නැෂනල් රිවිව්’ සඟරාවේ දැක්වේ.

තවද, ඔහු පවසා ඇත්තේ 2022 අගෝස්තු මාසයේදී ලංකාවට පැමිණි යුවාන් වැන්ග් 5 නෞකාව පර්යේෂණ යාත්‍රාවක් බවයි. සිය රජය විසින් මෙවැනි නෞකාව සම්බන්ධයෙන් සම්මත ක්‍රියා පටිපාටියක් සකස් කර ඇති බවත් ඔහු මෙහිදී පවසා ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසා ඇත්තේ චීන රජය සතු සමාගමක් වන චයිනා මර්චන්ට් සමූහයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ඉදිකෙරුනු නව වරාය (හම්බන්තොට), චීන හමුදාවට කිසිම සම්බන්ධයක් නැති බවයි.

වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා ඇත්තේ තම ජීවිත කාලය පුරාවට මහා බල කඳවුරු වල මාරුවීම් තමා දුටු බවයි.

කෙසේවෙතත්, මෙම කතාබහ සම්බන්ධයෙන් මෙරට ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ දක්වා නිවේදනයක් නිකුත් කර නොමැත.

(මූලාශ්‍රය : නැෂනල් රිවිව්)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved