Connect with us

පුවත්

BIKEATHON 2024 – Ride to Save Life හෙට ඇරඹේ

Published

on

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තරය දිනය නිමිති කරගෙන මානසික අර්බුද නිරාකරණ සහය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිදහස් දුරකථන සේවාව වන 1333 ක්‍රියාත්මක කරනු ලබන CCC ආයතනය එම දුරකථන සේවාව පිළිබඳ මහජනතාව දැනුමවත් කිරීම සඳහා සංවිධානය කරනු ලබන පාපැදි සවාරිය හෙට පෙරවරු 5.30 කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ වේ.කි.මී.1333 දුරක් දින දහතුනක් පුරා ක්‍රියාත්මක වන මෙම පාපැදි සවාරිය කිතුල්ගල මහනුවර දඹුල්ල අනුරාධපුර වවුනියාව තිරිකුණාමලය සීගිරිය මහියංගණය කතරගම දික්වැල්ල බෙන්තොට ඔස්සේ සැප්තැම්බර් දහවෙනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයට ළඟාවීමට නියමිතයි.

 ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව සිංගප්පූරුව බ්‍රිතාන්‍යය කැනඩාව ඉන්දියාව ඇතුළු රටවල් රැසක සේච්ඡා පාපැදිකරුවන් 20කට ආසන්න ප්‍රමාණයක් මෙම පාපැදි  සවාරියට සහභාගි වන බව CCC 1333 දුරකථන සේවාවට මාර්ගෝපදේශ සපයන ඔස්ට්‍රේලියාවේ Life line International  ආයතනය නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ජේතා දේවපුර මහතා ප්‍රකාශ කළේ මෙම පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගිය 27දා කොළඹ පැවති මාධ්‍ය හමුවේදීය.

සැප්තැම්බර් 10 වැනි දින මෙම පාපැදි සවාරිය සහ ඊට සමගාමීව පැවැත්වෙන පා ගමන කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ.

(ඡායාරූපය -ජේතා දේවපුර)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved