Connect with us

පුවත්

BOI එක හිතුමතේ බෝනස්වලට කෝටි 61ක් වියදම් කරලා 

Published

on

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට  ඉකුත් 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව  රුපියල් කෝටි හැට  එකකට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද  වෙනත් විවිධ දීමනා ගෙවීමට රුපියල් කෝටි පනස් හතරකට වැඩි මුදලක්ද වැය කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය පවසන්නේ   ඉහත  දීමනා  සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලූ බවයි. ඊට සමගාමීව මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් 2022 වර්ෂයේදී  මුදල් රාජ්‍ය අමාත්‍ය ආයෝජන ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී   ආයෝජන සංවර්ධන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ක්‍රම සම්බන්ධයෙන් කැබිනට්  අනුමැතිය ලබාගත යුතු බව යෝජනා කෙරුණු බව  සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති 2022ක වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

(ලංකාදීප)

පුවත්

වෙසක් කලාප නිසා අවහිර විය හැකි මාර්ග ගැන දැනුම්දෙයි

Published

on

By

වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් පිළිබඳව පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක් සිදුකරයි.

ඒ, කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගය වේයන්ගොඩ ප්‍රදේශයෙන්.

වේයන්ගොඩ පොලිස් වසමේ වෙසක් කලාප 04ක් සහ වෙසක් තොරණ 07ක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ අද (23) සිට දින 07ක් එම වෙසක් කලාපය පැවැත්වෙන බවයි.

අදාල නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කලාප රැසක්

Published

on

By

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වේ.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.

Continue Reading

පුවත්

වතු වැටුප 1700 ට ගැසට් වෙයි

Published

on

By

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කලේය.

ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved