Connect with us

පුවත්

BRI සමඟ ඉදිරියට යන බව ජනපති CCTV යට කියයි

Published

on

චීනය ක්‍රියාත්මක කරන එක් තීරයක් – එක් මාවතක් සංවර්ධන වැඩසටහන සමඟ අඛණ්ඩව ඉදිරියට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චීනයේ නිල සංචාරයට පෙර එරට මාධ්‍ය සමූහයට අයත් CCTV නාලිකාවේ විකාශය වන LEADERS TALK සම්මුඛ සාකච්ඡා වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ඒ මහතා හා ජනපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ අද (16) පස්වරුව වන විට චීනයට ළගාවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊයේ (15) රාත්‍රියේදී ඒ මහතා චීනයට යාම සදහා කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පූරුව වෙත ගමන් ගෙන ඇති බව වාර්තා වේ.

චීනයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන  “එක් තීරයක් – එක් මාවතක්” නම් 03 වැනි සමුළුවට සමභාගී වීමට ඔහු මෙසේ චීනයට ළඟාවීමට නියමිතය.

එම සමුළුව ඔක්තෝබර් මස 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනපතිවරයා,

“විපතට පත්වූ රට ගොඩගන්න මම ක්‍රියාකරන්නේ. දැනට සිදුකරන වැඩකටයුතු බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා. අපි රට තුළ විශාල ආර්ථික පරිවර්ථනයක් සිදුකරනවා. ඇත්ත වශයෙන්ම ජීවන බර තියෙනවා තාම. ඒ ජීවන බර ක්‍රමානූකූලව අඩු කරන්න අපි බලන්නේ. අපේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. අපිට වාසි නම් අපි එවාට ඇතුළු වෙනවා. අවාසි නම් ඇතුළු වෙන්නේ නෑ. මේ රටට වාසියක් තියන නිසා තමයි චීනය සමග ගනුදෙනු සිදුකරලා තියෙන්නේ. ඒත් අද ලෝකයේ බලවතුන්ගේ අතර විශාල ගට්ඨනයක් තියෙනවා කොහොමද ඒ වැඩ කටයුතු කරන්නේ කියලා. ඒ නිසා චීනය ආරම්භ කරපු  BRI එක ගැනත් විශාල ප්‍රශ්න ඇති කරලා තියෙනවා. ඒ නිසා තමයි ලංකාවේ හම්බන්තොට වරායට එහෙම එක එක චෝදනා එල්ල කරලා තියෙන්නේ. ඒත් අපි මේ වැඩකටයුුතුවලින් සෑහීමකට පත්වෙන නිසා අපි ඉදිරියට යනවා. හම්බන්තොට වරාය සාමාන්‍ය වාණිජ වරායක්. අරගෙන ඉදිරියට ගෙනියන්න දියුණු කරන්න චයිනා මර්චන්ට් සමාගම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක තුළ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලීසිය. ඒක තුළ රේගු කටයුතු කරන්නේ සහ ආරක්ෂාව ලංකාවෙන්. එක අපි බලන්නේ වරාය කේන්ද්‍රස්ථානයක් කර ආයෝජනය කලාප පුළුල් කරනවා. චීනයට අදාළ ගනුදෙනු චීනය එක්ක කරනවා. අමෙරිකාවට අදාළ ගනුදෙනු අමෙරිකාව එක්ක කරනවා. ඉන්දියාවට අදාළ ගනුදෙනු ඉන්දියාව එක්ක කරනවා. අපි ඒවා මිශ්‍ර කරන්නේ නැහැ. අපි ස්වාධින රටටක් හැටියට අපට තිබෙන වාසි – අවාසි බලලා. ඒ රටවල් එක්ක ගනුදෙනු කරන්නේ.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ රජය අත්පත් කරගත් ඉඩම් එම ජනතාවට නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් දෙමළ දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක නිරත ව තිබුණි.

මේ සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා, මහවැලි අධ්‍යක්ෂ ජනරාල්, හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved