පුවත්

B&S හා ඉරාජ් එන්න සිටි Soul Beach අයිති කුඩ්ඩෙක්ට! 

Published

on

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති මේ වනවිට විදේශ රටක සැඟව සිටින ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි Soul Beach සංචාරක හෝටලයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඊයේ (01) පියවර ගත්තේය. 

පොලිසියේ ආරක්ෂාව මැද මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කරනු ලැබූ අතර මෙහිදී හෝටලයේ අධ්‍යක්ෂවරයා යැයි කියාගත් පුද්ගලයකු ඇතුළු සේවකයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 ‘යුක්තිය’ මෙහෙයුම වැඩසටහනට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන මුදල් යොදවා විවිධ ව්‍යාපාර සිදුකරන බවට අනාවරණය කර ගැනීමෙන් පසු දෙහිවල වෙරළ තීරයේ ඉදිකර ඇති සුපිරි පන්නයේ හෝටල් පරිශ්‍රය නිරීක්ෂණය සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති හසන්ත මාරපන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් ඉකුත් (20) ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබූ බවද මේ අතර වාර්තා වේ.

මෙහිදී මෙම හෝටලයේ අනවසර ඉදිකිරීම් සිදුව ඇති බව නිරීක්ෂණය වීමත් සමග එම අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය බලධාරීන්ට උපදෙස් දී තිබිණි.

චිලන්දෑව

පසුගිය 23 වැනිදා මෙහි චිලන්දෑව නමින් විශාල සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතව තිබූ බව මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එය විරාජ් මාලිංග ප්‍රඩක්ෂන් විසින් සංවිධානය කර පැවැත්වීමට නියමිතව තිබූ අතර එහි ගී ගැයීමට බාතිය සංතුෂ් හා ඉරාජ් ද නියමිතව සිටි බව පූර්ව වෙළඳ ප්‍රචාරක පට ඔස්සේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබිණි.

මේ හෝටලය කඩා ඉවත් කළ අවස්ථාවේ ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ ප්‍රචාරය වී තිබිණි.

Trending

Exit mobile version