Connect with us

පුවත්

තමා මරන්න හැදූ අයටත් චන්ද්‍රිකා සමාව දෙයි !

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා‍‍වේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා ඇත.

දෙමළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගැනුණු අතර ඊට ප්‍රථම ඔවුන් පිළිබඳව පූර්ව තොරතුරු අධීක්ෂණයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කර ඇත. 

එම එකඟතා වාර්තාව පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගෙන් හා ඔහු මගින් නීතිපති වීමසීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.

මෙම දෙමළ සිරකරුවන් අතරින් තිදෙනෙක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඝාතනය කිරීමට තැත් කිරීමේ චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගත වූ රැඳවියන් තිදෙනෙකි. 

ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් විමසා එම එකඟතාවය ද සහිතව නිදහස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකසා ඇත.

ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩු කිරීම යටතේ  කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ රැඳවියන් 04 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

තවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දෙමළ රැඳවියන් ‍දෙදෙනෙකු ඔවුන් විසින්  අභියාචනාධිකරණයේ ගොනුකර ඇති  නඩු එම රැඳවියන් විසින්ම ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත අතර තවත් දෙමළ සිරකරුවන් දෙදෙනෙකුට ජනාධිපති සමාව යටතේ නුදුරේදීම නිදහස හිමිවීමට නියමිතය.

වසර 30ක සිර දඬුවම් හිමිව වසර 22ක් දඬුවම් විඳ ඇති සිරකරුවන් තිදෙනෙකු, වසර 11ක සිර දඬුවම් හිමිව දැනට වසරක් 14ක් සිර දඬුවම් විඳි එක් අයෙක්, වසර 10ක සිර දඬුවම් හිමිව එහෙත් වසර 14ක් බන්ධනාගාරගතව සිටි එක් අයෙකු, වසර 05ක සිර දඬුවම් කාලයක් වෙනුවෙන් වසර 14 ක් බන්ධනාගාරවගතව සිටි දෙදෙනෙකු සහ වසර 19ක සිර දඬුවම් හිමිව මේ වන විට වසර 11ක් බන්ධනාගාරව සිටි එක් අයෙකු මේ අතර වෙයි.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved